යට ඉන්නෙ මගේ බල සහෝදරයා

යට ඉන්නෙ මගේ බල සහෝදරයා

පාටක ඔබ සෙනෙහසින්, ආදරෙන් පිලිගනිමි. මම චානක

ඔබ මා වෙත, ලබා දෙන අදහස් හා යෝජනා මෙම පිටුව දියුනුවට හේතුවන බව කරුනාවෙන් දන්වා සිටිමි. ස්තුති.
Powered By Blogger

පාරාදීසය

Search This Blog

Sunday, March 14, 2010

මා උත්සාහ කරන්නේ මට කළ හැකි උපරිමය කරන්නයි

දහදිය ගතින් වැගිරේ. එහෙත් ඔහු උත්සාහය අත් නොහරියි. වරක් නිරර්ථ වෙන උත්සාහය නැවත වරක් සපුරාලීමට හෙතෙම වෙර දරයි. මිනිසුන්ගේ දෑස් විසල් වෙයි. අදහාගත නොහැකි දෙයක් සිදුවූ ලෙසින් එකිනෙකා මුහුණ බලාගනිති. එහෙත් වසන්තට නම් මෙය අරුමයක් නොවෙයි. අභියෝග ඔහුට හොඳට හුරුපුරුදුය. සෙස්සන්ගේ තැති ගැනීම ඔහුට වගක්වත් නැත.

”මං මුලින්ම යොමු වුණේ කරාටේ ක්‍රීඩාවට, ඇත්තෙන්ම ඒක ආත්ම ආරක්‍ෂාව මුල් කරගත් ක්‍රීඩාවක්. මගේ ආත්මශක්තිය ඒකෙන් තවත් වර්ධනය වුණා. මං ආසයි බාධක මැදින් ජීවිතේ දිනන්න. කිලෝ ග්‍රෑම් 618 ක කොන්ක්‍රීට් ශරීරය මත පටවා කුළුගෙඩි තුනකින් ගසා කඩා දමා පිහිටවූ ලෝක වාර්තාව දක්වා ඒමේදි පවා මට අභියෝගයක් තිබුණා. අභියෝග පිළිගන්න මං ඉතාමත් ආසයි. මං ඒ ආසාව නිසාමයි ඉදිරියට ගියේ යැයි ඔහු පවසයි.

2008 මැයි 28 වැනිදා ඕස්ට්‍රේලියානු ජාතික මාස්ටර් කීල් හාර්ඩ් විසින් තැබූ වාර්තාව 2009 ඔක්තෝබර් මස 18 වැනිදා අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී වසන්ත විසින් බිඳ හෙළනු ලැබීය.

“මං 1998 ජනවාරි 10 වැනිදා ශරීරයේ ගසා උළුකැට 525 ක් කඩා දැමුවා. නොර්වියානු ජාතික හාම් ලෙරට් විසින් 2008 ජූලි 03 දින කොන්ක්‍රීට් ලෑලි 07 ක් ඔහුගේ හිසෙන් ගසා කඩා දැමූ වාර්තාව 2009 දී අගෝස්තු 23 කොන්ක්‍රීට් ලෑලි 12 ක් කඩා දමමින් මට බිඳ දමන්න පුළුවන් වුණා.

මගේ දක්‍ෂතාවයකටත් වඩා මෙය කරාටේ ක්‍රීඩාවේ දක්‍ෂතාවක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. මට අවශ්‍ය වුණේ මගේ උපන් රටට මං උගත් දෙයින් සේවයක් කරන්නයි.

මං ගිනස් වාර්තාවක් තැබීමටත්, ගිනස් වාර්තා බිඳ හෙලීමටත් බෙහෙවින්ම කැමැත්තක් දක්වනවා. විදේශ ක්‍රීඩකයන් සටන් කලාව ඔස්සේ තැබූ විවිධ ජයග්‍රහණ බිඳ හෙළීමට මට හැකියාව ලැබෙනවා නම් මං එය වඩාත් අගේ කර සලකනවා.

මිනිසෙක්ට කළ හැකි දේවල් වගේම කළ නොහැකි දේවල් තියෙනවා. මං බලාපොරොත්තු වෙන්නේ මට කළ හැකි උපරිමය කරන්නයි. කෙනකුට කළ හැකි උපරිමය කරන්න පුළුවන් නම් ඒක තමයි ශ්‍රේෂ්ඨත්වය. මට අවශ්‍ය වුණේ මගේ මබ් බිමේ නාමය ලෝකයටම ගෙනියන්න.

විදේශීය ක්‍රීඩකයන් කඩා ඇත්තේ සිමෙන්ති වැලි මිශ්‍රණයන් පමණක් සහිත කොන්ක්‍රීට් ලෑලි කඩා දැමීම. නමුත් මට අවශ්‍ය වුණේ වැඩිපුර කොන්ක්‍රීට් ප්‍රමාණයක් මිශ්‍ර ලෑලි කඩා දමන්නයි. මං කොන්ක්‍රීට් ලෑලි සෑදුවේ වඩාත් ගණකමට සිටින අකාරයටයි. යම්කිසි තත්වපාලන තත්ත්වයකින් මං ඒවා සෑදුවේ. ක්‍රීඩකයකුට ලේසියෙන් බිඳ දැමීමට හැකි නොවන්නයි. වාර්තාවකදී අපට අවශ්‍ය වන්නේ මෙවැනිම තත්ත්වයක්.

මේ හැම දේටම සංයමය ඉතාමත් වැදගත් වෙනවා. මේ හැමදේම ඔස්සේ ජීවිතය දරා ගැනීමට අපිට හැකියාව ලැබෙනවා. ක්‍රීඩාවකින් අපි ලබාගත යුත්තේ මෙන්න මේ සංයමයයි. බොහෝදෙනාගේ ළඟ නොතිබෙන ගුණාංග ලෙස මං මේ දෙය දකිනවා.

හැමදේම නිවැරැදිව කරන්න මගේ බිරියගෙන් ලැබෙන පිටිවහල අමතක කරන්න බැහැ. ඒ වගේම දරුවන් දෙදෙනාත් දැන් මේ ක්‍රීඩාවට අවතීර්ණ වෙලා. ඒක මට ලොකු සතුටක්. ඒත් තවත් ප්‍රශ්නයක් තියෙනවා. මේ ක්‍රීඩාවේ ඉදිරියට යෑමට අවශ්‍ය වියදම් කිරීමට මුදල් මා ළඟ නොමැතිවීමයි. ජනාධිපතිතුමා හමු වූ අවස්ථාවෙත් මං මේ පිළිබඳව මගේ අදහස් ඉදිරිපත් කළා. අපිට උපරිම සහයෝගය දෙනවා කියලා එතුමා පොරොන්දු වුණා.”








නව ලෝක වාර්තාව පිහිටවද්දී


වසන්ත සොයිසා තම දියණිය සහ පුතා සමඟ