යට ඉන්නෙ මගේ බල සහෝදරයා

යට ඉන්නෙ මගේ බල සහෝදරයා

පාටක ඔබ සෙනෙහසින්, ආදරෙන් පිලිගනිමි. මම චානක

ඔබ මා වෙත, ලබා දෙන අදහස් හා යෝජනා මෙම පිටුව දියුනුවට හේතුවන බව කරුනාවෙන් දන්වා සිටිමි. ස්තුති.
Powered By Blogger

පාරාදීසය

Search This Blog

Saturday, March 13, 2010

ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂඥ මණ්‌ඩල යෝජනාවට

ශ්‍රී ලංකා යුද හමුදාව මානව හිමිකම් උල්ලංඝනය කර තිබේද යන්න හා ඔවුන් අතින් යුද අපරාධ සිදුවී තිබේද යන්නත් සොයා බැලීම සඳහා විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක්‌ පත්කළ යුතු බවට එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහතා ඉදිරිපත් කළ යෝජනාවට රටවල් 118 කින් සමන්විත නොබැඳි ජාතීන්ගේ සමුළුව විරෝධය පළ කර ඇත.

මෙය එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තිය උල්ලංඝනය කිරීමක්‌ බවත් සාමාජික රටක අභ්‍යන්තර ප්‍රශ්නවලට ඇඟිලි ගැසීමක්‌ බවත් පවසමින් නොබැඳි ජාතීන්ගේ සමුළුව එක්‌සත් ජාතීන්ගේ මහලේකම්වරයාට විරුද්ධව චෝදනා එල්ල කර තිබේ.

එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව සිය සාමාජික රටක අභ්‍යන්තර ප්‍රශ්නයක්‌ සම්බන්ධව අතපෙවිය හැක්‌කේ සාමයට තර්ජනයක්‌ ඇති විට හෝ තත්ත්වය පාලනය කිරීමට නොහැකි අවස්‌ථාවක හෝ ජාත්‍යන්තර වශයෙන් සාමය සහ ආරක්‍ෂාව පවත්වාගෙන යැමට අවශ්‍ය අවස්‌ථාවලදී පමණක්‌ බව නෙබැඳි ජාතීන්ගේ සමුළුව පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා රජය ලෝකයේ සිටි දරුණුතම ත්‍රස්‌තවාදී සංවිධානයක්‌ පරාජය කර එය සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බවත් එවැනි මොහොතක එක්‌සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් ගෙන ඇති අත්තනෝමතික තීරණය පිළිබඳව ඉතා ගැඹුරින් අවධානය යොමුකළ යුතු බවත් නොබැඳි ජාතීන්ගේ සමුළුව සඳහන් කරයි.

මෙවැනි මණ්‌ඩලයක්‌ පත්කිරීමට හේතුවන්නට ඇත්තේ මානව හිමිකම් පිළිබඳ එක්‌සත් ජාතීන්ගේ මහකොමසාරිස්‌ නවි පිල්ලේ මහත්මිය විසින් කරන ලද ඉල්ලීමකට අනුව විය හැකි බවත් සඳහන් කරන නොබැඳි ජාතීන්ගේ සමුළුව මෙවැනි මණ්‌ඩලයක්‌ පත්කිරීම පිළිබඳව ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් එක්‌සත් ජාතීන්ගේ මහලේකම්වරයා වෙත දන්වා ඇති බව ද ප්‍රකාශ කර සිටී.

රටවල් 118 කින් සමන්විත නොබැඳි ජාතීන්ගේ සමුළුවේ වත්මන් සභාපති ධුරය ඊජිප්තු රජය විසින් දරනු ලබයි.

No comments:

Post a Comment