මහ මැතිවරණයට තව ඇත්තේ සති තුනක කාල වකවානුවකි. මේ වන විට දෙතුන්පැත්තේම අපේක්ෂකයෝ මේ මහ මැතිවරණය අරඹයා ආකාර දෙකකින් තරග වැද සිටිති. එක් තරගයක් ඇත්තේ පක්ෂ පක්ෂ අතරය. තව පැහැදිලි කළහොත් සන්ධානය එ.ජා.පෙ. ය. ප්රජාතන්ත්රවාදී සන්ධානය වැනි දේශපාලන කණ්ඩායම් අතරය. ඊළඟ තරගය ඇත්තේ ඒ ඒ දේශපාලන කල්ලි අභ්‍යන්තරයේය.
මෙන්න මේ කල්ලි කණ්ඩායම්වල අභ්‍යන්තර හා බාහිර දේශපාලන පොරකෑම් කප්පරක් මැද්දේ තවත් උණුසුම් දේශපාලන සතියක් ගෙවී ගියේය.
මෙම සතිය පටන් ගනිද්දී ලංකාවේ සිටින දේශපාලන නිරීක්ෂකයන්ගේ විමර්ශනයට ලක්වූ විශේෂ කාරණාවක් වූයේ ඉන්දීය විදේශ ලේකම් නිරූපමා රාවෝගේ ලංකා ගමනයයි. මැතිවරණයක් කට උඩ තිබෙන මේ වෙලාවේ ඇය වැනි තීරණාත්මක චරිතයක් හිටි හැටියේ පැමිණියේ ඇයි දැයි ඔවුන් සොයා යන්නට වූහ.
රාඕ ජනාධිපතිවරයා හමුවූයේ පසුගිය 07 වැනි ඉරිදා උදේ ජනාධිපති මන්දිරයේදීය. එය බොහෝ දෙනෙක්ගේ උකුසු ඇස යොමු වූ සාකච්ඡාවක් වුවද විශේෂ දෙයක් සිදු නොවිණි. දෙදෙනා අතර බොහෝ දුරට ම කතා බහ කෙරුණේ රටවල් දෙක අතර අෙන්‍යාන්‍ය සබඳතා තර කර ගැනීම හා දෙරට අතර සුබසාධනය පිළිබඳවය. විශේෂයෙන් උතුර නැගෙනහිර සංවර්ධන කටයුතුවලදී හා එහි ජන ජීවිතය නගාසිටුවීමේ ව්‍යාපෘතිවලදී ඉන්දියාවේ කාර්යභාරය හා වගකීම් කොටස පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණ.
මෙතෙක් සිදුව තිබෙන ආධාර උපකාර කටයුතු පිළිබඳ ප්‍රගති සමාලෝචනයක් ද මෙහිදී සිදුව තිබිණි.
ඉන්පසුව එදින සවස ජනාධිපති මහින්ද මැතිවරණ සංවිධාන කටයුතු විමසා බැලීමට බෙලිඅත්ත හා සූරියවැව ප්‍රදේශයේ සංචාරයකද නිරතව සිටියේය.
මේ අතරතුර එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පසුගිය සතිය පුරාම සිටියේ විවිධ පළාත්වල සංචාරය කරමින් දිසා සම්මේලනවලට සහභාගි වෙමිනි. පසුගිය 05 වැනිදා සිකුරාදා ඔහු ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම අපේක්ෂකයන් කැඳවා දිස්ත්‍රික් සංවිධානයේ රැස්වීම ඇමතීය.
බැසිල් කිය කියා යනවා ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙවර රටටම මැතිවරණ පැවැත්වීම පිළිබඳ ආදර්ශයක් දෙනවා කියලා. මෙතැනදී අපේ අයත් ඒ අභියෝගය බාරගත යුතුයි. අපේ අයත් මැතිවරණ දූෂණ අක්රමිකතාවලට අසු නොවී ඉතා සංයමයකින් හා සංවිධානයකින් එකට මේ මැතිවරණයට මුහුණදීල ගම්පහ දිස්ත්‍රික්කයෙන් අලියා ලකුණ දිනවන්න වැඩ කළයුතුයි.
රනිල් මෙහිදී තවත් දෙයක් කළේය. ජාඇල හා අත්තනගල්ල ආසන සංවිධායකයන් අතර තිබූ ගැටලු කිහිපයකට විසඳුම් දී ප්‍රශ්න විසඳන්නට ද ඔහු මෙහිදී පිළියම් යෙදීය......
ඉන් අනතුරුව රනිල්, තිස්ස හා ඉමිටියාස් බාකිර් මාකර් ගියේ කෑගල්ල දිස්ත්‍රික් සමුළුවට සහභාගි වීම පිණිසය. මෙම සමුQළු රැස්වීම කබීර් හෂිම් විසින් සංවිධානය කොට තිබුණේ කබීර්ට අයත් කෑගල්ල අබන්පිsටිය අවන්හලේය. මෙම සමුළුවේදී කෑගල්ල දිස්ත්‍රික් අපේක්ෂකයන් අමතා කතා කළ රනිල්.......
අතීතයේ දොන් ජුවාන් ධර්මපාල ලා පෘතුගීසීන් ට රට පාවා දුන්නා වාගේ වත්මන් රාජපක්ෂලා ලංකාවේ මහා භාණ්ඩාගාරය විදේශීය බැංකුවලට උකස් කරලා ඉවරයි.
මේ සියල්ල ඉවර වී රනිල්, තිස්ස ඇතුළු නායකයෝ කෙළින්ම රාත්‍රිය ගත කරන්නට ගියේ මහනුවර අරුප්පොල වටපුළුවේ මලික් සමරවික්‍රමගේ නිවසටය.
ඊට පසුදා රනිල් ඇතුළු පිරිස උදේ මාතලේ දිස්ත්‍රික් සමුළුව ඇමතූහ. ඉන් අනතුරුව හවස මහනුවර හින්දු සංස්කෘතික මධ්‍යස්ථානයේදී මහනුවර දිස්ත්‍රික් සමුළුවට සහභාගි වූහ.
ඉන්පසුව එදින සවස නුවරඑළියට ගොස් එදින රාත්‍රිය නුවරඑළියේ ග්‍රෑන්ඩ් හෝටලයේ නතර වූයේ පසුදා උදේ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධානයේ රැස්වීමට සහභාගි වීමට නියමිතව තිබුණු නිසාය.
ඉරිදා උදේ තිස්ස අත්තනායක හා ලක්ෂ්මන් සෙනෙවිරත්න බදුල්ල බන්ධනාගාරයට ගොස් උපාලි සමරවීරගේ දුක සැප විමසා බැලූහ. පසුගිය සතියේ ගැටලුවකට මැදිවූ උපාලි සමරවීර ඒ වන විට සිටියේ බදුල්ල බන්ධනාගාරයේය. එදින රනිල්ගේ ප්‍රධානත්වයෙන් බදුල්ල දිස්ත්‍රික් සමුළුව බණ්ඩාරවෙල නගර ශාලාවේදී පැවැත්විණි.
රනිල් මෙහිදී බදුල්ල දිස්ත්‍රික් නායක නිමල් සිරිපාල ද සිල්වාට අභියෝග කරමින් සිය කතාවේදී මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්රය විsවේචනය කළේය.
අද අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්රය ලොකු පිරිහීමකට ලක්වෙලා. වසරින් වසර සෞඛ්‍ය වැය ශීර්ෂය විශාල වශයෙන් කපා දමනවා. 2008 වසරේදී රටේ සෞඛ්‍ය ක්ෂේත්රයට වෙන් කෙරෙන මුදල රු. කෝටි 1900 ය. මේ මුදල 2009 වන විට රුපියල් කෝටි 1300 දක්වා අඩු කෙරුණා. මේ වසරේදී මේ මුදල ඊටත් වඩා අඩුවෙලා.....
එදින රාත්‍රිය බණ්ඩාරවෙල ගත කළ රනිල් ඇතුළු පිරිස ඊළඟට ගියේ අම්පාරටය. සඳුදා දිනයේ රනිල් සිටියේ අම්පාරේය....
නාමල් බදුල්ලේ
පසුගිය ඉරිදා (07දා) බදුල්ල වීල්ස් පාර්ක් අවන්හලේ තරමක ලොකු උත්සවයක් පැවැත්විණි. උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ නාමල් රාජපක්ෂ ය. උත්සවය පැවැත්වුණේ ඩිලාන් පෙරේd නමින් අලුත් වෙබ් අඩවියක් පටන් ගැනීම නිමිත්තෙනි.
ඩිලාන් හා බදුල්ල දිස්ත්‍රික් නායක නිමල් සිරිපාල ද සිල්වා සහභාගි වී සිටි මෙම උත්සවයේදී නාමල් අපූරු කතාවක් ද කළේය.
අද හුඟ දෙනෙක් විවිධ පළාත්වලින් මේ වගේ උත්සවවලට මට ආරාධනා කරනවා. හැබැයි මම ඒවාට සහභාගිවෙන්නේ හොඳට කල්පනා කරලා. එතනදී මම සලකා බලන එකම කාරණය තමයි ඒ අදාළ කෙනා පසුගිය ජනාධිපතිවරණයේදී තාත්තාට උදව් කළාද නැද්ද කියන එක. උදව් කළ අයට ප්‍රතිඋපකාර කරන්නයි මම යන්නේ. ඒ අනුව බලනකොට ඩිලාන් අයියගේ උත්සවයකට ඇවිත් මේ වගේ කතාවක් කරන්න මට යුතුකමක් තියෙනවා. මගේ ඡන්දෙ තියෙද්දී මම අද බදුල්ලට ආවේ ඒකයි.
ශ්‍රී ලංකා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන මේ දිනවල අන් කවරදාටත් වඩා අහන්න ලැබෙයි. ඊට හේතුව මේ දිනවල අපේ සමාජයේ ශ්‍රී ලංකා හා ශ්‍රී ලංකා නොවන යන දෙකොටස අතර දේශපාලන කතිකාවක් හටගෙන තිබෙන නිසා ය. කට්ටියක් කීවේ තමන් ඔර්ජිනල් ශ්‍රී ලංකා බවත් සෙසු අය පස්සෙ පැමිණි ඩුප්ලිකේට් ශ්‍රී ලංකා කාරයෝ බවත් ය.
මේ සංවාදය අපේ සමාජයේ යටි තලයෙත් ඇදී යන්නට පටන් ගත්තේ ඒ ඒ දිස්ත්‍රික්කවල මනාප පොරය ටික ටික උණුසුම් වන්නට පටන් ගැනීමත් සමඟය.
මේ සංවාදය පසුගිය සතියේ ජනාධිපතිවරයා සහභාගි වූ එක්තරා සාකච්ඡාවකදී ද හදිසියේ හට ගත්තේය. එදා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවට පැමිණ සිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන අපේක්ෂකයන් ය. මෙම පිරිස කැඳවීමට හේතුව කැස්බෑව, කඩුවෙල ආදී තැන්වල ඒ වන විට හටගෙන තිබූ ගැටුම් කිහිපයකි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයට විතරක් මනාප දෙන්න කියලා සමහරු ඉල්ලනවා. ඒක හරිද? ආණ්ඩුව රකින්න විරුද්ධ බලවේග එක්ක අපි සටන් කරද්දී අපි ශ්‍රී ලංකාද, නැද්ද කියල බැලුවේ නැහැ. දැන් බලනවා. විමල් වීරවංශ චෝදනාත්මක ස්වරයෙන් කතා කළේය. අපි ඡන්දෙ ඉල්ලන්නේ මෛත්‍රීගේ පක්ෂයෙන් නොවෙයිනේ. ඡන්දෙ ඉල්ලන්නේ සුසිල්ගේ පක්ෂයෙන් නේ. ජනපති ශ්‍රීලනිප පාලක ලේකම් ආරියසේන මහතාගෙන් ඇසීය.
"ඔබතුමාට මෙතන ප්‍රශ්නයක් ඇතිවෙලා නැහැනෙ......." සුසිල් විමල්ට කීවේය.
"මට නොවෙයි, කිසිම අපේක්ෂකයකුට එහෙම ප්‍රශ්නයක් මතුවන එක
වැරැදියි. ඒකයි මම කතා කළේ" විමල් කීය.
"දැන් ඔබතුමා ශ්‍රීලනිපයට බැඳිල නැහැ. අපි ශ්‍රීලනිපයට බැඳිලත් අපට ප්‍රශ්න. යූඇන්පියෙන් ආපු අයට ඡන්දෙ දෙන්න එපා කියල කට්ටියක් කියාගෙන යනවා." ලොකුගේ කීය.
"ඔව්. එහෙම තැන්වලදී කියනවා ඔර්ජිනල් ශ්‍රී ලංකා කාරයන්ට විතරක් ඡන්දෙ දෙන්න කියලා." විමල් කීය.
මතක තියාගන්න බණ්ඩාරනායක මහත්තයත් ඔර්ජිනල් ශ්‍රී ලංකා නොවෙයි. එතුමාත් යූඇන්පියේ ඉඳල ඇවිත් තමයි ශ්රීලනිපය හැදුවේ ජනපති කීය.
ඔයාලා ඔක්කොම මගේ අපේක්ෂකයෝ. ඔයාලා යම් වෙලාවක මනාපවලට ඇනකොටා ගත්තොත් ඒකෙන් ගම්‍ය වන්නේ මගේ තේරීම වැරැදියි කියන එකයි. මම කැමති නැහැ එහෙම මතයක් රටේ පැතිරෙනවා දකින්න. කරුණාකරලා මේ ප්‍රශ්න දුරදිග ගෙනියන්න එපා. බොරු ප්‍රශ්න හදාගන්න එපා. හැමෝම පක්ෂය දිනවන්න වැඩ කරන්න."
ජනාධිපතිවරයාගේ දැඩි අවවාද වැලක් අවසන සභා තොමෝ සතුටින් විසිර ගියහ.
විමල්ට 40 යි
පසුගිය 07 වැනිදා ඉරිදා විමල් වීරවංශට විශේෂ දිනයක් වුණේ ඔහුගේ 40 වැනි උපන් දිනය එදිනට යෙදී තිබීම නිසාය. ඒ නිමිත්තෙන් විමල්ගේ හිතවත්තු හා පාක්ෂිකයෝ තැන් තැන්වල විවිධ උත්සව විවිධ සාද හා පුණ්යකර්ම සංවිධානය කර තිබිණි. කෝට්ටේ රජමහා විහාරයේදී ලොකු ආගමික උත්සවයක් පැවැත්විණි. කෝට්ටේ මාකුඹුරේ මෙහෙයුම් කාර්යාලයේ වෙනම සාදයකි. තවත් තැන් කිහිපයකම උත්සව පැවැත්විණි. මේ අතර හරි අපූරු සිදුවීමක් එදින උදේ කොළඹ ශ්‍රී ලංකා හොටෙල් පාසලේ ශ්‍රවණාගාරයේදී සිදුවිණි.
එදා උදේ එහි විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විණි. එම මාධ්‍ය හමුව අවසානයේ විමල් මාධ්‍යවේදීන්ට සංග්‍රහයක් සඳහා ආරාධනා කරමින් හමුව අවසන් කළේය. ඒ මොහොතේ අචල ජාගොඩ කතා කරමින් කීවේ හොටෙල් පාසලේ ළමුන් විසින් විමල් වීරවංශගෙ උපන් දිනයට වෙනම කේක් ගෙඩියක් තනා ඇති බැවින් එය කැපීමට එකතු වන ලෙසය. එය කන වැකුණු මාධ්‍යවේදීන් යළි තම කැමරා අමෝරා ගත්හ.
විමල් කේක් කපන අතර, එතන සිටි ඉංග්‍රීසි මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදිනියන් පිරිසක් "හැපි බර්ත් ඩේ ටූ යූ..... හැපි බර්ත් ඩේ ටූ යූ...... හැපි බර්ත් ඩේ ඩියර්......." මේ අයුරින් දිගට කියන්නට ගත්තත් ඔවුන්ට ඩියර් විමල් යන කොටස කියාගන්නට බැරි වූහ. ඔවුන් පැකිලෙමින් ඒ කොටස නොකියා ඉතිරි ටික කීම විශේෂත්වයක් වූයේය.
"අපෝ...... එයාගෙ කට දන්නවානේ. ඕකට මොනව කියයිද දන්නෙ නැහැ. ඒකයි නොකිව්වේ පසුව මාධ්‍යවේදිනියක් කීවාය.
ජවිපෙ
ජනතා විමුක්ති පෙරමුණ තුළ ද මේ දිනවල නිතර නිතර සාකච්ඡා පැවැත්වෙයි. සංවාද පැවැත්වෙයි. වාද විවාද පැවැත්වෙයි. මෙබඳු එක් සාකච්ඡාවක් පසුගිය 9 වැනිදා අඟහරුවාදා පක්ෂ මූලස්ථානයේ පැවැත්විණි. දැන් ඔන්න ආණ්ඩුව ජාත්‍යන්තර බලපෑම් ගැනත් කෑ ගහන්න පටන් අරන්. දැන් එක්සත් ජාතීන්ගේ විශේෂ මණ්ඩලයක් පත් කරන එකට ආණ්ඩුව විරෝධය පානවා. නමුත් කලින් එක්සත් ජාතීන් සමඟ ඒ ගැන එකඟතාවක් ඇති කර ගෙන තිබුණ බව ආරංචියි. ලියොන් පැස්කෝ ලංකාවට එවන එකටත් කලින් අනුමැතිය දුන්නාලු" බිමල් කීවේය.
යුද්ධයෙන් පස්සේ රට ශිෂ්ඨ සම්පන්න කරන්න ආණ්ඩුවට තිබුණා. මෙයාලා කළේ තව තවත් අශිෂ්ඨ කරන එක. මේ විදෙස් බලපෑම් එන්නේ අන්න ඒකයි හඳුන්නෙත්ති කීය.
බලය තහවුරු කරන්න ගිහින් රජය විරුද්ධවාදීන්ට පහර දුන්නා. විරුද්ධවාදී ජනපති අපේක්ෂකයන් අත්අඩංගුවට ගත්තා. මාධ්‍ය මර්දනය කළා. ඒවාට අද මුළු රටටම වන්දි ගෙවන්න සිද්ධ වෙලා. සමන්ත විද්‍යාරත්න කීය.
මොනවා වුණත් අපි මේ දෙකටම විරුද්ධ විය යුතුයි. රජයේ ප්රජාතන්ත්ර විරෝධී ගමනට වගේම ජාත්‍යන්තර බලපෑම්වලටත් විරුද්ධව අපි වැඩ පටන් ගත යුතුයි." විජිත හේරත් යෝජනා කළේය.
ජනතා විමුක්ති පෙරමුණ හැටියට මෙබඳු සාකච්ඡා සංවාද වෙනම පැවැත්වෙන අතර ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය හැටියට ද තවත් සාකච්ඡා මාලාවක් පසුගිය සතියේ පක්ෂ අභ්‍යන්තරයේ පැවැත්වී තිබිණි.
හදිසිය දික්වෙයි
පසුගිය අඟහරුවාදා (09 දා) නැවත වතාවක් පාර්ලිමේන්තුව කැඳවිණි. ඊට හේතුව වූයේ එසේ නොකළහොත් හදිසි නීතිය දීර්ඝ කිරීම එතෙකින් අවසන් වීමය. එසේ වුවහොත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින භයානක කොටි ත්රස්තවාදීන් ඇතුළු අපරාධකරුවන් රාශියක්ම නිදහස් කිරීම වැනි අවදානම් සහගත පියවරකට යැමට රජයට සිදුවනු නිසැකය. මේ නිසා දිනකට පාර්ලිමේන්තුව රැස්කර හදිසිය දිගු කිරීමට ජනපතිවරයාට අවශ්‍ය විය.
මෙම තත්ත්වය විපක්ෂයේ මෙන්ම ඇතැම් මාධ්‍යවල ද සාකච්ඡාවට බඳුන්ව තිබිණි. විරෝධයට නතුව තිබිණි.
එහෙත් යොදාගත් පරිදි පාර්ලිමේන්තුව 9 වැනිදා උදේ රැස්කරනු ලැබුවේය. ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් සැලකිය යුතු පිරිසක් ඊට සහභාගිව සිටියහ.
කලකට පසු පාර්ලිමේන්තුව රැස් වූ මෙදින කාට කාටත් එක්වී තම තමන්ගේ වල්පල් කතා කරන්නට කදිම අවස්ථාවක් වූහ. ඒ සඳහා බොහෝ දෙනෙක් ඇදී ආවේ කුමාරසිරි හෙට්ටිගේ ගේ කාමරයටය.
මේ අයුරින් දිමු, මහින්ද යාපා, චමල්, පවිත්‍රා, සුමේධා, ෆවුසි, රෝහිත, ජගත් පුෂ්පකුමාර, දයාශ්‍රිත, සරත් ගුණරත්න, විමල් වීරවංශ මැති ඇමැතිවරු ද මෙවර සන්ධාන ලැයිස්තුවෙන් තරග වදින තංගේශ්වරී, ක්‍රිෂෝර් නේaරු වැනි දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන් ද පැමිණ සිටියහ.
අපි දැක්ක හෙට්ටි කියල තබුණා ජීවමාන "ජාතික වීරයා" ගැන කතාවක්..... රෝහිත බෝගොල්ලාගම කීවේය.
ඔව්.... අපි ජාතික වීරයෝ දකින්නේ ෆොටෝවලිනුයි පොත්වලිනුයි විතරයි නේ. අපේ දරුවන්ට දැන් ජීවමාන ජාතික වීරයෙක් දකින්න ලැබෙනවා.
ඒ අතර තංගේශ්වරී ප්‍රශ්න පත්තරයක් ලියූ කොළයක් මල්ලෙන් එළියට ගත්තාය. මේ ටික කරව ගන්න ඕන..යි හෙට්ටිට කීවාය.
ඕවා නම් මට තනියම කරන්න බැහැ. අර බැසිල් මහත්තයට කියල බලමු.... පාලම්, පාරවල්, රැකියා, ස්ථාන මාරු රැසක් එහි තිබෙන බව හෙට්ටි දුටුවේය.
ඕවා ඔක්කොම කරල දෙන්නම්. ඡන්දය දිනන්න. ජනතාවට කියන්න වැඩි ඡන්දයෙන් පත්කරවන්න. මේ ඉල්ලීම් ඉටුකරල දෙන්නම් කියලා.... හෙට්ටි මඩකලපු ගිහින් මේ පොරොන්දු ටික දීල එන්න. රාජපක්ෂලා බොරු කියන්නේ නැහැ. බැසිල් එසේ කියද්දී තංගේෂ්වරී ඊට එකඟ වූවාය.
අපේ සුමේධා අක්කා හරි සතුටින්.... ඇමැතිවරයෙක් කීය.
ඔව් ඉතින් මොණරාගල යූ. ඇන්. පී. ලැයිස්තුවට වුණ දේ නිසා සතුටු නැතෑ... දී. මූ. කීය.
මෙයා හොඳ ගුරුකමක් කරල තියෙනවා යූ. ඇන්. පී. එක ඇන කොටාගන්න. ඇමැතිවරයෙක් කීය.
අනේ.... මම නම් කිසි සම්බන්ධයක් නැහැ ඕවාට.... ඕ කීවාය.
අගමැතිවරු
මේ අතර තවත් තැනක පාර්ලිමේන්තු ආලින්දයේ තවත් රසබර කතාවක් ඇදීගොස් තිබිණි.
මෛත්‍රිපාල සිරිසේන වටා රොක්වුණු ජෝන්, නිමල් සිරිපාල, එස්. බී. නාවින්න, ඩිලාන් පෙරේරා, විමල් වීරවංශ ඇතුළු ඇමැතිවරු පිරිසක් එතන මහ හඬින් කතා කරමින් සිනාවනු පෙනිණි. මේ අතර කොහේදෝ යමින් සිටි මර්වින් සිල්වා ඇමැතිවරයා එතනට හොට දැම්මේය.
ආ.... මේ ඩිලාන් මල්ලි දැන් අපේ අගමැතිතුමත් එක්කම නේ වැඩ. ඊළඟ අගමැති ඌවෙන් පත්කරන්නයි මෙයාලා වැඩ කරන්නේ... මර්වින් කීවේය.
මර්වින්ට එසේ කියන්නට හේතුවක් තිබිණි. හේතුව මෙවර ඒ ඒ දිස්ත්‍රික්කවලින් සටන් වදින දිස්ත්‍රික් නායකයෝ ගණනාවක්ම ඊළඟ අගමැතිකමක් යෑයි කියා ගනිමින් ඡන්ද සටනේ නිරතව සිටීමය. නිමල් සිරිපාල වෙනුවෙන්ද එබඳු හඬක් පසුගිය දිනවල බදුල්ලෙන් අහන්නට දකින්නට ලැබිණි.
හරි ඉතින්.... ඌවේ ජනතාව තීරණය කරනවා නම් රටේ ඊළඟ ජනාධිපති ඌවෙන් පත්කරන්න ඕන කියල ඒක කාටවත් ප්‍රශ්නයක් නොවෙයි නේ... ඩිලාන් කීය.
මේ ඔය ඕන්නැති කතා කියවන්න එපා. අපේ මෛත්‍රිපාල ඇමැතිතුමා ඉන්න තැන. විමල් කීවේය.
ආ සොරි... සොරි... මෛත්‍රි ඇමැතිතුමාත් ඉන්නේ. මේ නාවින්න ඇමැතිතුමත් ඉන්නේ... අප්පච්චියේ ජෝන් ඇමැතිතුමත් ඉන්නේ.... ඔහේ පලයන් අගමැතිවරු ඔක්කොම ඉන්නවා.... මටයි වැරදුණේ මර්වින් හාස්‍යය උපදවන අයුරින් හැසිරෙමින් කියවන්නට පටන් ගත්තේය.....
හරි මේ ඔක්කොටම අගමැතිකම් ලැබෙන යෝජනාවක් මම ජනාධිපතිතුමාට කරන්නම්. ඇමැති මණ්ඩලය 35 ට අඩු කරනවා කියල ජනාධිපතිතුමා කීවාට අගමැතිවරයා ගැන මුකුත් කිව්වේ නැහැනේ. ඒ නිසා අපි කියමු ඒ ඒ පළාතට ප්‍රාන්ත අගමැතිවරු පත්කරන්න කියලා. එතකොට නිමල් ඇමැතිතුමාට පුළුවන් ඌවේ අගමැති වෙන්න. ජෝන් අයියා සබරගමු අගමැති. නාවින්න වයඹ අගමැති. මෛත්‍රි ඇමැතිතුමා උතුරුමැද අගමැති. ඔය වාහන දෙක තුනක් ගෙයක් දීල ලස්සනට තියල තියන එකනේ... මර්වින් විහිළු කළේය.
එහෙම වැඩක් තියෙනවද.... එතකොට ඉතින් කිසිම බලයක් නැහැනේ... විමල් කීය.
ඒකේ ඉතින් වෙනසක් තියෙනවයෑ.... දැන් කියලත් කිසිම බලයක් නැහැනේ...
එසේ කියමින් මර්වින් යන්නට ගියේ තවත් කතාවක් හුඟ දෙනකුට නෑහෙන්න හෙමිහිට කියාගෙනය.....
අගමැතිකමට ඔය කොයි කවුරු ඇඳුම් මහගෙන හිටියත් ලොක්ක ඒක කාට දෙයිද කවුද දන්නේ. ඉන්න කෙනාටම ආයෙත් දීල දාන්න බැරි නැහැ....
අඟහරුවාදා එක්සත් ජාතික පක්ෂයේද මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට පැමිණ සිsටියහ... ඒ අතර එදා ඔවුන්ගේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් ද පැවැත්විණි. මෙහිදී එජාප නායකයා මුලින්ම අවධානය යොමු කළේ ජොන්ස්ටන්ගේ හා ඉන්දික බණ්ඩාරනායකගේ ප්රශ්නය පිළිබඳවය.
ඔහු තර්ක කළේ ජොන්ස්ටන්ලාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව මන්ත්‍රී වරප්‍රසාද අහිමි වූ හෙයින් ඇමැතිකම් දැරීමට අයිතියක් නොමැති බවයි. ඒ සඳහා විපක්ෂ නායකයා වෙනම තර්ක සමූහයක් ද ගොනු කොට ඉදිරිපත් කළේය. ඔහු තම මහලේකම් තිස්ස අත්තනායකට කීවේ කැබිනට් ලේකම්රයාට ද මෙම නිවේදනය පිටත් කර හරින ලෙසය.
ඊට අමතරව මොනරාගල අපේක්ෂක ලැයිස්තුව වංචනික ලෙස වෙනස් කිරීම සම්බන්ධයෙන් රංජිත් මද්දුමබණ්ඩාරගේ හා ආනන්ද කුමාරසිරිගේ පක්ෂයේ සියලු නිලතල තාවකාලිකව ඉවත් කිරීමට ද පක්ෂ නායකයා යෝජනා කළේය.
බැසිල් වැඩ
පසුගියදා බැසිල් රාජපක්ෂ ගම්පහ දිස්ත්‍රික්කයේ මැතිවරණ වැඩ රාජකාරි ආරම්භ කිරීමත් සමඟම ලොකු ලොකු වෙනස්කම් රාශියක් ඇතිවිණි. ඔහු ගම්පහට ගොස් පළමුව සොයා බැලුවේ එහි ඇති අඩුපාඩු පිළිබඳවය. කීපදෙනකු කීවේ පාරවල්, ඇළ මාර්ග නවීකරණය කර නගරය හා ප්‍රදේශය ඉතා ඉක්මණින් ක්‍රමවත් හා අලංකාර පුරවරයක් කළ යුතු බවය.
මේ අනුව බැසිල් වැඩ පටන් ගත්තේය. ඔහු ගම්පහ පාරවල් කාපට් කරන්නටත් කොන්ක්‍රීට් කරන්නටත් කඩිනමින් පටන් ගත්තේය. ඊට අමතරව ගම්පහ ප්‍රදේශයේ නිතර නිතර ජල ගැලීම්වලට තුඩු දෙන ගොඩවී ගිය ඇළ මාර්ග නැවත හෑරීමට ද පටන් ගත්තේය.
මේ සඳහා යන්ත්‍ර සූත්‍ර එවන ලෙස බැසිල් අදාළ නිලධාරීන්ට කීවේය. එහෙත් එය කඩිනමින් සිදු නොවිණි. නිලධාරීන් කර අරින්නට වූහ.
මඳක් ඉවසූ බැසිල් දිනකට දෙකකට පසුව පහත් බිම් ගොඩකිරීමේ ආයතනයේ ඉහළම නිලධාරියාට කතා කළේය. අදාළ යන්ත්‍රොaපකරණ ගම්පහට එවනවද? ඉල්ලා අස්වීමේ ලිපිය ගම්පහට ඇවිත් ගන්නවද නැතිනම් එය එවන්නද කියා ඔහු ඇසුවා පමණි. පසුදාම අදාළ උපකරණ සියල්ල ගම්පහට ලැබිණි.
මෙය බලා සිටි සමහරු කීවේ මෙන්න මේ ප්‍රේමදාස තියරිය නැතිව මේ නිලධාරීන්ගෙන් වැඩ ගැනීම ලෙහෙසි නැති බවකි.
කරුණාගේ පැමිණිලි
මේ අතර ජනාධිපති මහින්ද හමුවන්නට පසුගිය සතියේ කරුණා අම්මාන් පැමිණියේය. ඔහු ඉදිරිපත් කළේ නැගෙනහිර ජනතාවගේ දුක් ගැනවිල්ලකි. බැසිල් රාජපක්ෂ වැන්නෙක් නැගෙනහිර පළාතේ සංවර්ධන කටයුතු බාරගෙන ඉටුකරමින් ඒ ගැන සොයා බලමින් සිට හිටි හැටියේම ඉන් ඉවත්ව ගම්පහ දිස්ත්‍රික්කය බාර ගැනීම තුළ නැගෙනහිර අනාථ වුණා වැනි අදහසක් ඔහු ඉදිරිපත් කළේය. නැගෙනහිර ජනතාව ඒ ගැන බියවී ප්‍රශ්න කරන බව ඔහු කීවේය.
ගම්පහ කියන්නේ 48 න් පස්සේ මේ රට පාලනය කරපු රාජ්‍ය නායකයෝ 12 දෙනාගෙන් 6 දෙනෙක්ම බිහිවෙච්ච දිස්ත්‍රික්කය. පසුගිය කාලේ ඒ දිස්ත්‍රික්කය අසරණ වෙලයි තිබුණේ. නමුත් එහෙම වෙන්න දෙන්න බැහැ. අන්න ඒකයි එහි ලොකු සංවර්ධනයක් කරා රැගෙන යන්න බැසිල් බාරගත්තේ. බැසිල් ගම්පහ හදාවි. ඒ වගේම නැගෙනහිර පළාතේ පටන් ගත්ත වැඩ හුඟක් ඉවරයි. ඉතිරි ටිකත් මග නතර වෙන එකක් නැහැ. ඒ හැම දෙයක්ම සුපුරුදු පරිදි කෙරේවි... ජනපති මහින්ද කරුණාගේ කුකුස පහ කරමින් කීවේය.
කැබිනට්
පසුගිය බදාදා සුපුරුදු පරිදි කැබිනට් මණ්ඩල රැස්වීම ද පැවැත්විණි.
කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසුව ඇමැතිවරු කිහිපදෙනෙක් ජනපතිවරයා සමඟ කතා කරමින් සිටියේය.
මම සතුටුයි සර්ට ජනාධිපතිවරණයේදී වැඩිම ඡන්ද ලබල දුන්න ආසනය හෝමාගම වීම ගැන. අපි සර්ට 81,000 ක් ඡන්ද දුන්නා. බන්දුල ගුණවර්ධන කීවේය.
ඒක නිසානේ බන්දුල මම මගේ වියදමින් ලංකාවේ හොඳම ක්‍රීඩාංගණය හෝමාගම හදන්නේ.
ඒක නම් ලොකු දෙයක් සර්. මට නම් වැඩක් තියනවා. මට ඕන හෝමාගමට ජාතික පාසලක්. මම ලක්ෂ 300 ක් තියාගෙන ඉන්නවා. ඉඩමක් තමයි නැත්තේ.....
අපි මාහේන වත්තෙන් අක්කර 15 ක් දෙන්නම්. දිනේෂ් කීවේය.
මේක නම් ලොකු වැඩක්. ලොකු සේවයක්. පාදුක්කේ රාජසිංහයේ ඉඳල පන්නිපිටිය ධර්මපාලය දක්වා ළමයින්ට ඉස්කෝලයක් නැහැ. චම්පික කීවේය.
මේකෙන් චම්පිකටත් මනාප ලැබේවි දිනේෂ්ටයි බන්දුලටයි වගේ. ජනපති එසේ කියමින් ෆවුසි දෙස බලා ෆවුසිටත් චාන්ස් එකක් තියේවිදැයි ඇසීය.
ඔව් සර් මෙයාටත් ලැබේවි. මෙයත් හෝමාගම පැත්තේ රිංගනවා නේ... බන්දුල එසේ කියමින් සිනාසුණේය.
පන්නරය
පසුගිය අඟහරුවාදා රාත්‍රියේ රංජිත් සියඹලාපිටිය වැඩ කටයුතු අවසන්ව නිවසට එන විට අලුයම 3.00 ද පසුවිය. ඒ මොහොතේ ඔහුගේ පුද්ගලික ලේකම් ජනත් ප්‍රනාන්දුගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි.
අපේ මැතිවරණ කාර්යාලයට ගහලා සම්බන්ධීකරණ ලේකම් චිත්රානන්දටයි, රියෑදුරු උපාලිටයි තුවාලයි. දෙන්නම රෝහලේ.
ඇමැතිවරයා ඒ මොහොතේම කෑගල්ල රෝහලට ගොස් ඔවුන් පිළිබඳ සොයා බැලුවේය. පසුව ඔහු රඹුක්කන ප්‍රදේශයේ රැස්වීමකට ගොස් පෙරදා රාත්‍රියේ වූ පහරදීම ගැන වාග් ප්‍රහාරයක් ඉදිරිපත් කළේය.
ෆැරන්හයිට් අංශක 150 ට රත් කරලා අංශක 0 ට ශීතල කළත් ප්‍රශ්නයක් නැති පන්නරයක් තියන මිනිසකුට කවුරු මොන දේ කළත් වැඩක් නැහැ. ඕවා කරල මේ රංජිත්ව නවත්තන්න බැහැ.... ඔහු කීවේය.
අවිස්සාවේල්ල අරුක්වත්ත ගමේ චම්පික වෙනුවෙන් රැස්වීමක් සංවිධානය කර තිබුණේ කොමියුනිස්ට් පක්ෂයෙන් සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිව සිටි චන්ද්‍රසිරි ගමගේයි. ඔහු පිළිගැනීමේ කතාව කරමින් අපූරු කතාවක් කිව්වා. "මම මේ රැස්වීමට ජනතාවට ආරාධනා කරන්න ගෙයින් ගෙට ගියා. එක ගෙදරකදී මට හමුවුණා ගිය වසරේ දේවි බාලිකා විදුහලෙන් උසස් පෙළ විභාගයට ලියා සරසවියට තේරුණු දුවෙක්. එයාගේ නම කෞශල්‍යා පෙරේරා. ඒ දුවටත් මේ ආරාධනය කළාම දුව මට චම්පික ඇමැතිතුමා ගැන කියලා දුන්නා."
ගිය අවුරුද්දේ චම්පික ඇමැතිතුමා අපේ ස්කෝලෙට ආවා දේශනයකට. කතා කළේ කාලගුණික විපර්යාසය පිළිබඳව. ඊට පස්සේ අපි පරිසරය, ඉතිහාසය, යුද්ධය, දේශපාලනය, ආර්ථික විද්‍යාව වගේ විෂයන් ගණනාවක් ගැන ප්‍රශ්න ඇහැව්වා. හැම ප්‍රශ්නයකටම හොඳට උත්තර දුන්නා. මේ වගේ එකිනෙකට වෙනස් විෂයන් ගණනාවක් ගැන ගැඹුරින් දන්නා කෙනෙක් දේශපාලනේ තියා රටේවත් ඉන්නවාද දන්නේ නෑ. ඔය වගේ උගතුන්ට රට භාරවුණු නිසා තමයි ජපානය, කොරියාව, සිංගප්පූරුව වගේ රටවල් දියුණු වෙන්න පුළුවන් වුණේ. අපේ රට ආසියාවේ ආශ්චර්යය කරන්න නම් චම්පික ඇමැතිතුමාව ඉහළින්ම දිනවන්න ඕනෑ.
එහෙම කිව්ව ඒ දුව මාත් එක්කම අනිත් ගෙවල්වල අයට ආරාධනා කරන්නත් එකතු වුණා. දැන් ඒ දුව මේ රැස්වීමටත් ඇවිත් ඉන්නවා.
Subscribe to:
Post Comments (Atom)


No comments:
Post a Comment