ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇති ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධ වාර්තාවේ කරුණු රැසක්‌ම සාවද්‍ය බව ශ්‍රී ලංකා රජය සඳහන් කරයි. පිටු විසිතුනකින් යුතු මෙම වාර්තාව ඉකුත් 18 වැනිදා ප්‍රකාශයට පත් කරන ලදී.
උතුර - නැගෙනහිර ප්‍රදේශවලදී පුද්ගලයන් 300 ත් 400 ත් අතර සංඛ්‍යාවක් අතුරුදන්වන බව කරුණා පිල්ලෙයාන් සහ ඩග්ලස් දේවානන්දා යන දේශපාලන නායකයන්ට අයත් කණ්‌ඩායම් රජයේ හමුදාවන්ට සහාය වෙමින් මිනිස් ඝාතන රැසක් සිදුකර ඇති බව, හමුදා කොන්ත්‍රාත් ලබාදීමේදී විශාල ලෙස අල්ලස් දී ඇති බව, වැඩ වර්ජන කළ පුද්ගලයන් රැකියාවලින් දොට්‌ට දමන බව, ශ්‍රී ලංකා රජයේ ආධිපත්‍යය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පවුලේ සාමාජිකයන් ගෙන යන බවට ඇතුළු කරුණු ඇතුළත් කර මෙම වාර්තාව නිකුත් කර ඇත.
මෙම වාර්තාව සකස් කර ඇත්තේ කොළඹ සිට ක්‍රියාත්මක වන ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන විසින් සපයන ලද තොරතුරු පදනම් කරගෙන බවට රජය මේ වන විට අනාවරණය කරගෙන තිබේ.
Saturday, March 13, 2010
Subscribe to:
Post Comments (Atom)


No comments:
Post a Comment